රථවාහන දඩ ගෙවා ගත නොහැකිව අපසුතාවට පත් පාර්ශවයන්ට සහනදායී පිළිවෙතක්

(කොළඹ, ලංකාපුවත්) –මේවන විට සෞඛ්‍ය නිර්දේශමත වසා දමා ඇති ප්‍රදේශවල හා නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල මෙන්මම විවිධ ප්‍රායෝගික තත්ත්වයන් හමුවේ තැපැල් කාර්යාල විවෘත කිරීමට නොහැකි ප්‍රදේශවල පොලිස් රථවාහන අංශ විසින් නිකුත් කර ඇති ස්ථානීය දඩපත් ගෙවීම් කිරීමට අපහසු වී ඇත.

එම අපහසුතාවට පත් පාර්ශවයන් වෙනුවෙන් නහන සැලසීමට පොලිස්පතිවරයා සහ තැපැල් දෙපාර්තමේන්තුව විසින් කරන ලද නිර්දේශයන්ට අනුව රථවාහන ස්ථානීය දඩපත් ගෙවීමට සහන කාලයක් ලබා දීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය ලැබී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් කාර්යාල කටයුතු නතර කිරීමට සිදුවූ දින සිට දිවයින පුරා සංචරණ සීමා ඉවත් කරන දින දක්වා වූ දින ගණන අතහැර, වරද කළ දින සිට දින ගණනය කර දඩපත් ගෙවීමට අතිරේක කාලයක් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *