වැඩි මිළට සහල් අලෙවි කරන්නන් සොයා සඳුදා සිට වැටලීම්

(කොළඹ, ලංකාපුවත්) – සහල් අලෙවිය සඳහා උපරිම මිල ගණන් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට පටහැනිව කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව ලබන සඳුදා සිට නෛතික ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් වෙළෙඳපොළ වෙත යොමුකරමින් අදාළ වැටලීම් සිදුකිරීමට සැළසුම් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *