JW.org කණ්ඩායම මාසයක් පුරා දිවයින නව ගෝලීය ප්‍රචාරණ වැඩසටහනක් දියත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශුද වූ බයිබල්අධ්‍යාපනයප්‍රායෝගික ජීවිතයට හුරු කරවමින් ප්‍රජාව සත්‍යගරුක සහ වගකීම් සහගත පුරවැසියන් බවට පත්කර ලීමේ අරමුණෙන් යුතුව නව ගෝලීය ප්‍රචාරණ වැඩසටහනක් දියත් කිරීමට JW.orgකණ්ඩායම පියවර ගෙන ඇත.

බයිබලයේ ඉගැන්වීම් සහිත Watchtower සඟරාවේ විශේෂ කලාපයක් නොවැම්බර් මාසයේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවට, රාජ්‍ය නිලධාරීන්,අධිකරණ නිලධාරීන් ඇතුළුව පොදුවේ මහජනතාව අතට නොමිලේ පත් කිරීම සඳහා JW.org කණ්ඩායම කටයුතු සම්පාදනය කර ඇත. නව සංස්කරණයෙන් සහ අධ්‍යයනයට පහසු ලෙසින් නිමවූ මෙම Watchtower සඟරාව භාෂා 300කට වැඩි සංඛ්‍යාවකින් පළ වන ලොව එකම සඟරාව වේ.

නොවැම්බර් මාසයේ විශේෂ කලාපයක් ලෙස එලි දැක්වූූ Watchtower (මුරටැඹ)සඟරාවේ කවරයේ කථාව මෙවර අරුත් ගැන්වුනේ What is God’s Kingdom’යනුවෙනි. මෙවර කවරයේ කථාව තුළින් බයිබලයේ ඉගැන්වීමට අනුව ලෝකය පිළිබඳ අනාවැකි ඉදිරිපත් කෙරේ. කෝවිඩ් 19 වසංගතයට මුහුණපා සිටින මුළු මහත් සමාජය පිලිබඳව දයානුකම්පාවෙන් බයිබල් වදන් තුළින් ප්‍රීතිමත් නව ජීවිතයකට ආරම්භයක් ලබා දීම සඳහා බයිබල් ඉගැන්වීම් සරළව සමාජයට ගෙන යෑම මෙම සඟරාවේ පළවු සියලු ලිපි තුළින් ගෙන හැර දැක්වීමට උත්සාහ කර ඇත. එමෙන්ම දේව රාජ්‍ය පිළිබඳ ගැටලු , මෙහි ජීවන ප්‍රතිලාභය කුමද යන කරුණු පිළිබඳවත් අවධාරණය කෙරේ. නොවැම්බර් මාසයේදී පළ වූ මෙම විශේෂ Watchtowerසඟරාව තුළ ශතවර්ස ගණනාවක් පුරා මිනිස් චිත්ත සන්තානයේ කැකැරෙමින් තිබු ප්‍රශ්ණ ගණනාවකට පිළිතුරු ලබා දීමත් ඉදිරියේදී ඇති වන යහපත් කාලය පිලිබඳවත්සමාජයට නිරාවරණය කරයි.

කෝවිඩ් 19 වසංගතය මුළු ලෝකයම වෙලා සිටින අවස්ථාවක දියත් කෙරෙන මෙම ගෝලීය ප්‍රචාරන වැඩසටහන මුළුමනින්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඒ ඒ රටවල සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා ඇති සෞඛ්‍ය නියාමනයන් අකුරට පිළිපදිමින් ක්‍රියාත්මක කිරීමට JW.orgකණ්ඩායම කටයුතු කරනු ඇත. මීට අමතරව ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් මෙම ගෝලීය ප්‍රචාරණ වැඩසටහන සිදු කෙරෙනු ඇත. Watchtowerසඟරාවේ නොවැම්බර් කලාපය www.JW.org.යන වෙබි අඩවියට පිවිස භාගත කර ගැනීමේ පහසුව ද සලසා ඇත.

වර්තමානයේදී ලොව පුරා මිලියන 8.6ක් JW.org සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස රටවල් 240ක් පුරා සිය ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යන අතර JW.org සාමාජිකයින් ලෙස කටයුතු කරන අතර ඔවුන් විවිධ වාර්ගික සහ සංස්කෘතික වටපිටාවක් සහිත ප්‍රජාවක් ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලංකාව තුළ JW.org සාමාජිකයින් 7000කට අධික පිරිසක් ක්‍රියාකාරීව සිටී. www.JW.org.වෙබ් අඩවිය ලොව වැඩිම භාෂා සංඛ්‍යාවකට පරිවර්තනය වූ එනම් භාෂා 1020කින් ක්‍රියාත්මක වන එකම වෙබ් අඩවිය වන අතර ශ්‍රී ලංකාව තුළ මෙය සිංහල, දෙමළ, ඉංග්‍රීසි, චීන සහ සංඥා භාෂාවකන්ගෙන් ක්‍රියාත්මක වෙති. මෙම වෙබ් අඩවිය තුළින් විශේෂ සාකච්ඡා , දේශන, පොත් , සඟරා, ශ්‍රව්‍ය දෘෂ්‍ය අධ්‍යාපන වැඩසටහන් සහ බයිබල් ඉගැන්වීම් පිලිබඳව මනා හැදෑරීමක් ලබා ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 1 =