මෙරට 35 වන කොරෝනා මරණය වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අද (08) දින 35වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

මියගොස් ඇති පුද්ගලයා 78 හැවිරිදි බවත් රෝහලට ඇතුළත් කරන විටත් එම පුද්ගලයා මියගොස් සිටි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

පස්චාත් මරණ පරීක්ෂණයේ දී එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් තහවුරු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *