කොළඹට එන ජනතාවට දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල කොළඹ නගරයට පැමිණීම හැකි තාක් අවම කරන ලෙස යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවට දැනුම් දෙයි.

ඔහු පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙසයි.

බස්නාහිර පළාතට පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය අද අලූයම 05 ට ඉවත් කෙරුණි.

කෙසේවෙතත්, දිස්ති‍්‍රක් අතර ගමනාගමනයෙන් පවා තවදුරටත් වැළකී සිටිය යුතු බව යුද්ධ හමුදාපතිවරයා පවසයි.

ඇඳීරි නීතිය පනවා තිබීමෙන් පමණක් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම ඉතා අපහසු බව යුද්ධ හමුදාපතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව ජනතාවට ද මෙම අවස්ථාවේ වැඩි වගකීමක් පැනවෙන බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 14 =