කොරෝනා තුරන් කිරීම මූලික අභිප්‍රාය බව ජෝ බයිඩන් කියයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය රටින් තුරන් කිරීම තම මූලික අභිප්‍රාය බව අමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් ජෝ බයිඩන් පවසයි.

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ගත් තීරණය තම පාලනය යටතේ ඉවත් කර ගන්නා බව ද ඔහු කියා සිටියි. අමෙරිකාවෙන් ‍කොරෝනා වෛරසය මුලුමණින්ම තුරන් කිරීමේ මූලික අදියර ලෙස පීසීආර් පරීක්ෂණ වැඩි වශයෙන් සිදු කිරීම හා ජනතාව මුව ආවරණ පැළඳීමට යොමුකරන බව ජෝ බයිඩන් සඳහන් කරයි.

ට්‍රම්ප් පරිපාලනය මීට පෙර තීරණය කර තිබූ ආකාරයට ‍ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට කටයුතු නොකරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මීට අමතරව ජාතිවාදය තුරන් කිරීමට හා දේශගුණික විපර්යාසයන් නිසි ලෙස කළමනාකරණය කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීම කෙරෙහි ද කටයුතු කරන බව ජෝ බයිඩන් කියා සිටියි.

ඔහු ජනාධිපතිධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ එළඹෙන වසරේ ජනවාරි මාසයේ දී.

මෙවර අමෙරිකානු ජනාධිපතිවරණය අවසන් වූයේ එරට මැතිවරණ ඉතිහාසයට වාර්තා රැසක් එක්කරමිනි. ඒ අතර ජෝ බයිඩන් අමෙරිකානු ඉතිහාසයේ තේරීපත් වයස්ගත ජනාධිපතිවරයා වීම සහ ඔහුගේ උප ජනාධිපති ධූරයට තේරීපත් වූ කමලා හැරිස් දකුණු ආසාදියානු සම්භවයක් සහිත එරට පළමු කළු ජාතික උප ජනාධිපතිනිය වීම ද විශේෂත්වයකි.

මේ වන විට ජෝ බයිඩන් ඡන්ද විද්‍යාල 279ක් දිනා සිටින අතර ප්‍රතිවාදී අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා ඇත්‍තේ,ඡන්ද විද්‍යාල 214ක් පමණයි. ප්‍රාන්ත 4ක තවදුරටත් ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බැවින් මේ සංඛ්‍යා වෙනස්වීමට ඉව පවති. එහෙත් අවසන් ප්‍රතිඵලයට ඉක් බලපෑමක් නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *