හුදකලා ප්‍රදේශ වලට ඇතුළු වීම සපුරා තහනම්

(කොළඹ, ලංකාපුවත්) –හුදකලා කර ඇති ප්‍රදේශ වලට ඇතුළුවීම සම්පුර්ණයෙන් තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා ප්‍රකාශ කර සිටිනුයේ හුදකලා ප්‍රදේශ වලින් පිටවීම ද සපුරා තහනම් බවි.

හුදකලා ප්‍රදේශ හරහා යම් ප්‍රධාන මාර්ගයක් වැටී පවතී නම් ඒ හරහා වාහන නොනවත්වා ධාවනය කිරීමට අවසර හිමියි.

නමුත් රථ වාහන නතර කිරීමට අවසර නැත.

එසේ රථ වාහන නතර කරන්නේ නම් එය නිරෝධායන ඇඳිරී නිති උල්ලංඝනය කීරිම යටතේ අත්අඩංගුවට පත්විය හැකි වරදක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *