බස්නාහිර පළාතෙන් පිටතට යාම සම්පූර්ණයෙන් තහනම් කරයි

(කොළඹ, ලංකාපුවත්) –වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම මොහොතේ සිට ලබන ඉරිදා(15) මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් කාර්ය සාධක බලකාය අද (11) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුනේ කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට සිදුකරන සංචරණය වැළැක්වීමට පියවර ගන්නා ලෙස යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − 6 =