කොරෝනා මරණ භූමදානය පිළිබඳව අවසන් තීන්දුව ගන්නා ආකාරය ගැන ඇමති පවිත්‍රා කියයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වැළදී මියගිය පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමදානය සම්බන්ධයෙන් විවිධ අයගෙන් ඉල්ලීම් ලැබී තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව ඔවුන්ගේ තව වාර්තා කිහිපයක් තමන් වෙත ලබාදීමට නියමිතව තිබෙන බවත් සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කෙසේ වෙතත් පසුගිය කැබිනට් මණ්ඩලයේ දී මෙම කාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කිසිදු තීන්දුවක් නොගත් බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළාය.

“කැබිනට් මණ්ඩලයට මෙම කාරණය මතු වූ අවස්ථාවේ දී කැබිනට් මණ්ඩලය මා වෙත දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තා අනුව කටයුතු කරන ලෙසයි. එම නිසා එම වාර්තා මා වෙත ලැබුණු පසු අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තු වෙනවා”

ඇමතිවරිය විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + fifteen =