LPL සඳහා Jaffna stallions පුහුණු සැසියට පල්ලෙකැලේට

(කොළඹ, ලංකාපුවත්) –කණ්ඩායම් 5න් සමන්විත වන LPL තරගාවලිය සඳහා පළමුවෙන්ම පුහුණුවීම් ආරම්භ කළ කණ්ඩායම බවට පත්වෙමින් 2020 එල්පීඑල් LPL (Lanka Premier League) තරගාවලියට පුරෝගාමී පළමු පියවර තැබූ Jaffna stallions කණ්ඩායම සිය ප්‍රථම නේවාසික පුහුණු කඳවුර සඳහා පල්ලේකැලේ බලා පිටත් විය. නොවැම්බර් 26 දින සිට දෙසැම්බර් 16 දින දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන LPL (Lanka Premier League) 2020 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා සැලසුම්සහගත සහ ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමේ අරමුණින් සංවිධානය වන මෙම පුහුණු කඳවුර පසුගිය13වනදා සිට 15වනදා දක්වා දින තුනක් පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩකයන්ගෙන් සමන්විත අති දක්ෂයින්ගේ කණ්ඩායම් 5ක් කරට කර තරඟ කරන LPL තරගාවලියට උද්‍යෝගීමත් ප්‍රවේශයක් ලබාදෙමින් පුහුණු කඳවුර හරහා පළමුවෙන්ම තරගාවලියට අවතීර්ණ වී සිටින Jaffna stallions කණ්ඩායම මෙම දින තුන පුරා ශාරීරික හා මානසික යෝග්‍යතාවය සමබර කරගනිමින් නොවැම්බර් 27 වැනි දින පැවැත්වෙන සිය පළමු තරගයට වඩාත් විශ්වාසයෙන් මුහුණදෙනු ඇත.

Jaffna stallions කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන තිළිණ කණ්ඩම්බි විසින් මෙහෙයවනු ලබන මෙම පුහුණු කඳවුර සඳහා Jaffna stallions කණ්ඩායමේ සියලුම දේශීය ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සහභාගී වෙයි. ශ්‍රී ලංකා ප්‍රිමියලීග් තරග ඉතිහාසයේ ජයග්‍රාහී නායකයකු ලෙස ඌව (Uva Next) කණ්ඩායම නියෝජනය කරමින් T-20 ඉතිහාසයට එකතු වූ තිළිණ කණ්ඩම්බි මෙවර ද Jaffna stallions කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස තම කණ්ඩායම ජයග්‍රාහී මාවත දෙසට මෙහෙයවීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටියි.

Jaffna stallions කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට T-20 ලෝක කුසලානය අත්පත් කර දුන් කණ්ඩායම නියෝජනය කරමින් ජයග්‍රාහී අවසන් ලකුණු ත්‍රිත්වය වේගවත් හතරේ පහරකින් සම්පූර්ණ කළ තිසර පෙරේරාය. හිටපු ප්‍රවීන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හේමන්ග් බඩානිගේ (Hemang Badani) උපදේශකත්වයෙන් LPL තරගාවලිය සඳහා ඉදිරිපත් වන Jaffna stallions කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස මාරියෝ විලවරයන් (Mario Villavarayan) ද දඟපන්දු පුහුණුකරු ලෙස සචිත් පතිරණ ද පන්දු රැකීමේ පුහුණුකරු ලෙස විමුක්ති දේශප්‍රිය ද යන අය සම්බන්ධ වී සිටිති.

තරුණ සහ නවක ක්‍රීඩකයින් සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙමින් නිර්මාණය වී ඇති Jaffna stallions කණ්ඩායම අති දක්ෂ සහ පළපුරුදු දෙස් විදෙස් ක්‍රීඩකයන්ගෙන් මෙන්ම ප්‍රාදේශීය වශයෙන් ඉහළ දක්ෂතා පෙන්වූ තරුණ ක්‍රීඩකයන්ගෙන් ද සමන්විත වෙයි. ඒ අනුව Jaffna stallions සංචිතය තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වන හා ජවසම්පන්න ක්‍රීඩකයින් විසි දෙනකුගෙන් සමන්විත වන අතර ඊට Tom Moores, Duanne Olivier, Ravi Bopara, Kyle About, Shoaib Malik, Usman Shinwari යන පළපුරුදු විදේශීය ක්‍රීඩකයින් හයදෙනා ද ඇතුළත් වෙයි.

LPL තරගාවලියෙන් පසුව තරගකාරී ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතාවන්ගෙන් පිරිපුන් ප්‍රාදේශීය මට්ටමේ ක්‍රීඩකයන් හඳුන්වා දීම ප්‍රමුඛ අරමුණ කරගත් Jaffna stallions එකී අරමුණු වෙත කෙමෙන් කෙමෙන් ළඟාවෙමින් සිටියි. ඒ අනුව Jaffna stallions තම ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය සඳහා යාපනය දිස්ත්‍රික්කයෙන් උපන් අති දක්ෂ තරුණයින් ත්‍රිත්වයක් දැනටමත් හඳුනාගෙන ඇත. ඔවුහු කනගරත්නම්(Kanagaratnam Kapilraj), දේවේන්ද්‍රම්(Theivendiram Dinoshan) සහ විජයකාන්ත් (Vijayakanth Viyaskanth) යන අය වෙති. අද සිට ඇරඹෙන පුහුණු කඳවුර Jaffna stallions කණ්ඩායමේ සාර්ථකත්වයට මෙන්ම මෙම නවක ක්‍රීඩකයින්ගේ ක්‍රිකට් දිවියට ද අතිශය වැදගත් එකක් වනු ඇත.

LPL තරගාවලියේදී උද්වේගකර සටනක් අපේක්ෂාවෙන් සිටින Jaffna stallions අදින් ඇරඹි පුහුණු සැසියේ දී සිය උපරිම දක්ෂතා හඳුනාගැනීමට නියමිතයි. 2020.11.15 වැනි දින පුහුණු සැසියට සහභාගී වී සිටින කණ්ඩායම හම්බන්තොට බලා පිටත්වීමට නියමිත අතර එහි දී Jaffna stallions නියෝජනය කරන විදේශීය ක්‍රීඩකයන් කණ්ඩායම සමඟ එකතු වී තවදුරටත් පුහුණුවීම්වල නිරත වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *