කොවිඩ් එන්නතක් අත්හදා බැලීම බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නතක් පිළිබඳ ප්‍රධාන අත්හදා බැලීම එක්සත් රාජධානියේදී දියත් කර ඇත.

බෙල්ජියම් සමාගමක් වන ජැන්සන් විසින් එය නිර්මාණය කර තිඛේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම සඳහා ජානමය වශයෙන් වෙනස් කරන ලද පොදු වෛරසයක් මේ සදහා භාවිතා කරයි.

මේ අතර ෆයිසර් සහ බයෝ එන්ටෙක් සමාගම විසින් නිපදවන ලද එන්නතෙහි සාර්ථකත්වය ගෝලීය වශයෙන් දැඩි කතාබහට ලක්ව ඇත.කෙසේ වෙතත්, එය භාවිතය සඳහා තවමත් අනුමත කර නොමැති අතර වැඩිහිටියන් තුළ එය කෙතරම් හොඳින් ක්‍රියාත්මක වේද යන්න හෝ ප්‍රතිශක්තිය කොපමණ කාලයක් පවතින්නේද යන්න මෙතෙක් නිශ්චිත ලෙස සනාථ කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *