වැසි තත්ත්වයේ වැඩි වීමක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයිනේ සෙසු ප්‍රදේශ වලද තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව අද (16) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *