සල්මාන් ඛාන්ගේ කොරෝනා පරික්ෂාවේ ප්‍රතිඵල එයි

(කොළඹ, ලංකාපුවත්) –බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සිදු කළ කොරෝනා වෛරස පරික්‍ෂාව ඍනාත්මක වී ඇතැයි ද ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කරයි.

සල්මාන් ඛාන් සහ ඔහුගේ පවුලේ අය පසුගියදා ඔවුන්ගේ නිවස තුළ ස්වයං හුදෙකලාවට ලක්ව සිටින බව සඳහන් වේ.

මෙවැනි පියවරක් ගැනීමට සිදුවී ඇත්තේ සල්මාන්ගේ පෞද්ගලික රියදුරාට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීම නිසාය.

ඔවුන් මේ වනවිට රෝහල්ගත කර ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *