රිෂාඩ් දැඩි ඇප කොන්දේසි මත මුදා හරියි

(කොළඹ, ලංකාපුවත්) –තම ඡන්ද කොට්ඨාසය වන සිලාවතුරට බස්රථ 222ක් මඟින් අවතැන් පුද්ගලයන් 12620ක් ගෙනයාම සඳහා රුපියල් ලක්ෂ 95කට වැඩි මුදලක් ගෙවමින් රජයේ මුදල් අවභාවිතා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත භාරයේ සිටින හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(25) නියෝග කළේය.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් වරයා ඇපකරුවන් ලගම ඥාතින් විය යුතු බවට සහ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලදි.

ඒබව ආගමන විගමන පාලක ජනරාල් වරයාට දන්වන ලෙස සහ විදේශ ගමන් බලපත්ර අධිකරණයට ඉදිරි දින ඉදිරිපත් කරන ලෙසත් දන්වා සිටි මහේස්ත්‍රාත් වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වන දිනක ඉදිරිපත් වන ලෙසට රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කළේය.

මැගසින් බන්ධනාගාරයේ සැකකරුට කොවිඩ් පැතිරීමේ අවදානමක් ඇති බව සලකමින් මහේස්ත්‍රාත් වරයා ඇප ලබා දීම සිදු කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත භාරයේ සිටින හිටපු ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් මහතා යන අය තවදුරටත් ලබන දෙසැම්බර් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙසටද නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *