පැල්වත්ත සමාගමේ නිෂ්පාදන සුරක්ෂිතභාවය ඉහළ නංවමින් Covid-19 වලට එරෙහිව පුළුල් සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම දැනට පවතින Covid-19 වසංගත තත්ත්වය හමුවේ සිය කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ආයතනික කැපවීම සහ උත්සාහය අවධාරණය කරමින් පූර්ව ආරක්ෂණ ක්‍රමවේද දැඩිව ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව පසුගිය මාර්තු මාසයේ කොරෝනා වසංගතයේ මුල් අවස්ථාවේ සිට සමාගම විසින් රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කිරීම සහ පාරිභෝගිකයින්ගේ, කාර්ය මණ්ඩලයේ සහ සියලු පාර්ශවකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආදර්ශමත් පියවර ගණනාවක් ක්‍රියාවට නංවා ඇත.

ගෝලීය වසංගතයක් ලෙස හඳුනාගෙන ඇති COVID 19 ව්‍යාප්තිය දේශීය හා ගෝලීය වශයෙන් ව්‍යාපාර හා මිනිස් ජීවිත කෙරෙහි තදබල ලෙස බලපා ඇත. ඒ හේතුවෙන් විවිධ ක්ෂේත්‍රයන්හි බොහෝ සමාගම් වලට සිය නිෂ්පාදන කළමනාකරණ ක්‍රියාවලිය නැවත සැලසුම් කිරීමට සිදුව තිබේ. එවැනි තත්ත්වයක් යටතේ පැල්වත්ත සමාගමට සිය කර්මාන්තය තුළ මෙතෙක් අනුගමනය නොකරන ලද සුවිශ්ෂී ප්‍රවේශයන් කිහිපයක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී ඇත.

මෙහිදී පැල්වත්ත කාර්ය මණ්ඩලයට පවතින තත්වයට අදාළ රජයේ නවතම සෞඛ්‍ය නියාමන ක්‍රියාමාර්ග මෙන්ම සෞඛ්‍යාරක්ෂිතභාවය ආරක්ෂා කර ගැනීම පිළිබඳ පුහුණු සැසි ද පවත්වා තිබෙන අතර පැල්වත්ත සමාගම පී.එච්.අයි සහ එම්.ඕ.එච් නිලධාරීන්ට නිරන්තරයෙන් අධීක්ෂණයට පහසුකම් සලසමින් සිය ක්‍රියාදාමයන් ඇගයීමට ලක් කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය සලසා ඇත. එසේම සිය කාර්ය මණ්ඩලයට සනීපාරක්ෂක නිෂ්පාදන සහ ඉවත් කල හැකි පුද්ගල ඇදුම් කට්ටල ලබා දී ඇත. එපමණක් නොව Covid-19 ආරක්ෂණ නියමයන්ට අනුකූලව කටයුතු කිරීම සඳහා සමාගමේ කළමනාකාරීත්වය විසින් සේවක දැනුවත්භාවය ඉහළ නංවමින් කර්මාන්තශාලා පරිශ්‍රය තුළ නිර්මාණාත්මක පෝස්ටර් ද ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

පැල්වත්ත සමාගම යනු අර්බුදකාරී වසංගතයක දී සිය සේවකයන්ගේ රැකියා සුරක්‍ෂිතතාවය සහතික කළ යුතු බව ඉතා හොඳින් තේරුම් ගෙන ඇති සමාගමකි. මෙවන් ඉතා දුෂ්කරතා සහිත කාලවලදී පවා පැල්වත්ත සිය සේවකයින්ගේ වැටුප හෝ රැකියාව අවදානමට ලක් කර නොමැති අතර වෙනත් බොහෝ ව්‍යාපාර වසා දැමූ විට පවා සමාගම සිය නිෂ්පාදනය ඉදිරියට කරගෙන යනු ලබන්නේ එම ශක්තියෙනි. මෙය අත්‍යාවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර පවත්වාගෙන යාම සහ පවත්නා තත්වය මධ්‍යයේ එහි සේවක සහෝදරත්වය සවිබල ගැන්වීම සඳහා වූ රජයේ ඉල්ලීමට සහාය දැක්වීමකි. තවද මෙලෙස නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීම තුළින් මෙම නිෂ්පාදනය සිය ආදායම් මාර්ගය බවට පත් කර ගෙන සිටින කිරි ගොවීන් 10,000 කට අධික සංඛ්‍යාවකගේ පවුල්වලට පහසුකම් සලසමින් ඔවුන් සවිබල ගැන්වීමට ද පැල්වත්තට හැකිවී තිබේ.

පැල්වත්ත කිරි සමාගමේ මානව සම්පත් කළමනාකරු හර්ෂන් ජීවකුමාර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හැකි සෑම අවස්ථාවකදීම අපගේ කාර්ය මණ්ඩලයෙන් 50% ක් පමණක් සේවයේ යෙදවීමට කටයුතු කළා. නමුත් අප සියලුම සේවකයන්ට වැටුප් ගෙවනු ලැබූ අතර සේවයට පැමිණි සේවකයින්ට ත්‍යාග සහ අතිරේක දීමනා ලබා දුන්නා. අප රටට අදාළ සහ ගෝලීය තත්ත්වයන්ට අදාළ සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුකුලව ඉතා කෙටි කාලයක් තුළ සමාගමේ සෞඛ්‍ය රෙගුලාසි සංශෝධනය කිරීමට සහ යාවත්කාලීන කිරීමට ද අපි පියවර ගනු ලැබුවා. සේවකයෙක් කර්මාන්තශාලාවට ඇතුළු වීමේ සිට පිටවීම දක්වාත් සිය පවුල සමඟ කටයුතු කිරීමේ ක්‍රියාවලිය දක්වාත් අපගේ ආරක්ෂණ ක්‍රමවේදයන් ශක්තිමත් කර තිබෙනවා. ආහාර සුරක්ෂිතතා රෙගුලාසිවලට අදාළව මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති හෙයින් සමාගම එම ආරක්ෂණ ක්‍රියාවලිය ස්ථාවර ලෙසම ක්‍රියාත්මක කර ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. බලධාරීන්ගේ ඉල්ලීම පරිදි සියලුම කාර්ය මණ්ඩලය සහ අමුත්තන් ලේඛනගත කරන අතර යම් හදිසි අවශ්‍යතාවයකදී අදාළ පුද්ගලයින් ක්ෂණිකව හඳුනාගැනීමට එමගින් හැකිවනු ඇත. එසේම පැල්වත්ත කර්මාන්තශාලාව, ගබඩාවන් සහ අලෙවි සැල් “සුවෙන් සිටිමු” (Stay Safe) ව්‍යාපෘතිය යටතේ ලියාපදිංචි කර ඇති අතර වඩාත් ආරක්ෂාකාරී සේවාවක් ලබා දෙයි.

පැල්වත්ත සමාගම සිය කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වලට අන්තර් ජාලය හරහා e-flyers ක්‍රමවේදය මගින් COVID 19 දැනුවත් කිරීම් සිදු කරන අතර ගෙන ඇති ආරක්ෂක ක්‍රමවේදයන් ලෙස සේවකයින්ට ජල ස්නාන, අත් සේදීම, විෂබීජ නාශක පාපිස්නා, සනීපාරක්ෂක අත් ආවරණ, විධිමත් උෂ්ණත්ව පරීක්ෂාවන්, විෂබීජ සහ වෛරස් ඵලදායි ලෙස හරණය කිරීමට උපකාරී වන දේශීය ඖෂධ වලින් යුත් හුමාල වාෂ්ප යන්ත්‍ර ලබා දීම තුළින් සේවක ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

ජීවකුමාර මහතා වැඩි දුරටත් අදහස් දක්වමින්.“මේ දක්වා, අප විසින් සිදු කරන ලද සියලුම PCR පරීක්ෂණ ප්‍රතිඵල මගින් අසාදිතයන් නොමැති බව සහතික වී ඇති අතර යම් අකාරයකින් අසාදිතයෙක් හදුනා ගත් විගස අදාළ පුද්ගලයා ප්‍රවාහනය සඳහා ආරක්ෂාකාරී යාන්ත්‍රණයක් යොදා ඇති අතර සැක කටයුතු රෝගියෙක් හදුනා ගැනීමෙන් පසු අනුගමනය කල යුතු ක්‍රියාදාම සහ අවශ්‍ය පහසුකම් පෙර සැලසුම් කර තිබේ. නිෂ්පාදන ප්‍රවාහන ට්‍රක් රථ සහ බවුසර් සඳහා විධිමත් විෂබීජ නාශක ක්‍රමවේද ක්‍රියාත්මක කෙරන අතර භාජන හා උපකරණ පිරිසිදු කර, විෂබීජ හරණය කර සනීපාරක්ෂාව තහවරු කරනු ලබනවා. ඒ වගේම රියදුරන් පරිශ්‍රයට ඇතුළුවීමට පෙර ශරීරය සම්පුර්ණයෙන්ම පිරිසිදු කර ගැනීමේ ක්‍රියාවලියට භාජනය කෙරෙනවා.”

ප්‍රවාහනය සඳහා සමාගම් වාහන හෝ පොදු ප්‍රවාහනය භාවිතා කිරීම මගින් විෂබීජ වලට නිරාවරණය වීමේ වැඩි ඉඩකඩක් ඇති බැවින් පැල්වත්ත කිරි සමාගම විසින් තම කාර්යමණ්ඩලයට පුද්ගලික වාහනවලම සේවයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. ඒ අනුව සාමාන්‍ය සේවකයින්ගෙන් 95% කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලික වාහනයක සේවය සඳහා පැමිණෙනු ලබන අතර ඔවුන් කර්මාන්තශාලව සමීපයේ ජීවත් වන බැවින් එමගින් තව දුරටත් සේවක සුරක්ෂිත බව තහවරු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *