බ‍්‍රසීලයේ රිය අනතුරකින් පුද්ගලයින් 41ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –බ‍්‍රසීලයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් හතලිස් එක් දෙනෙකු මිය ගොස් ඇත.

තවත් දොලොස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බස්රථයක් සහ ට‍්‍රක්රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

බස්රථය රෙදිපිළි සමාගමක සේවකයින් ප‍්‍රවාහනය කරමින් තිබූ එකකි. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බ‍්‍රසීල පොලිසිය සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *