මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 96 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ(25) දින තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

01. කොළඹ 12 පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේදී නොවැම්බර් 23 වනදා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමග ඇතිවූ අධික රුධිර පීඩනයයි.

02. පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ජයවර්ධනපුර රෝහලේ සිට කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව පිඹුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී නොවැම්බර් 25 වනදා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමග උග්‍ර වූ අක්මා රෝගී තත්ත්වයකි.

ඒ අනුව, මෙරටදී මේ දක්වා කොවිඩ් ආසාදිතව සිටි 96 දෙනෙක් මියගොස් තිබේ.

ඉන් 83 දෙනෙක්ම මියගොස් ඇත්තේ දෙවැනි කොවිඩ් රැල්ලෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *