සුඩානයේ හිටපු අගමැති සදික් කොරෝනා නිසා මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – සුඩානයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ සදික් අල් මහඩි කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වයිරසය ආසාදනය වීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහලක සති තුනක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි.

84 හැවිරිදි සදික් අල් මහඩි 1986 වසරේ සිට 1989 වසර දක්වා සුඩාන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් සහ ඥාතීන් 21 දෙනෙකු හටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

සුඩානයේ කොරෝනා වයිරස් රෝගීන් 17,000 කට ආසන්න සංඛ්‍යාවක් මේවන විට වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *