ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරු නාවික හමුදාපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ගෲප් කපිතාන් ෂෝන් අන්වින් (Sean Unwin) සහ නව ආරක්ෂක උපදේශක ලෙස වැඩ භාරගැනීමට නියමිත කපිතාන් ඉයන් කේන් (Ian Cain) අද (01) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ගෲප් කපිතාන් ෂෝන් අන්වින් සිය ධූරයෙන් නුදුරේදී සමුගැනීම නිමිත්තෙන් සහ නව ආරක්ෂක උපදේශක ලෙස වැඩ භාරගැනීමට නියමිත කපිතාන් ඉයන් කේන් හඳුන්වා දීම සඳහා සිදුවු මෙම හමුවේදී, නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක උපදේශකවරුන් අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *