බුරවි සුළි කුණාටුව දිවයිනට ඇතුළු වේ

(කොළඹ, ලංකාපුවත්) –”බුරවී” සුළි කුණාටුව මිට සුළු මොහොතකට පෙර මුලතිව් සහ ත්‍රිකුණාමලය වෙරළ කලාපය අතරින් රට තුලට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ප්‍රකාශ කරයි

සුළි කුණාටුව කේන්ද්‍රය මුලතිව් ආසන්නයේ පිහිටා ඇති බවත් හෙට උදෑසන වන විට මෙම පද්ධතිය මන්නාරම ප්‍රදේශය හරහා දිවයිනෙන් බැහැරව යනු ඇති බව ද වාර්තා වෙයි.

මේ අතර රට අභ්‍යන්තරයේ සුළං වේගය සහ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇතිවනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි

මේ අතර අද පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ, මුලතිව් දිස්ත්‍රික්කයේ අලම්පිල් ප්‍රදේශයටය. එය මිලිමීටර් 203. 5 කි. උඩයාර් කට්ටු ප්‍රදේශයට මිලිමීටර් 158 ක වර්ෂාපතනයක් ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × five =