කොරෝනා රෝගයෙන් නුවරඑළියේ මේ දක්වා කිසිවෙකු මියගොස් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා රෝගය වැලදීමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිසිදු රෝගියකු මේ දක්වා මියගොස් නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා පැවසීය.

සෞඛ්‍ය අංශ නිරෝධායනයට යොමුකර සිටි කාන්තාවක් මියයාම කොරෝනා මරණයක් ලෙස දක්වමින් පසුගියදා ජාතික පුවත් පතක් වාර්තා කර තිබිම පිළිබඳව අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම් වරයා සඳහන් කලේ අදාල කාන්තාවගේ මරණ පරික්ෂණයට අදාලව සිදුකළ PCR පරික්ෂණය කොවිඩ් රෝගය නොමැති බවට තහවුරු කරගන ඇති බවය.

පසුගිය 01වනදා පැවති දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුවට එක්වෙමින් දිස්ත්‍රික් ලේකම් වරයා තව දුරටත් සඳහන් කලේ මෙවැනි පුවත් වාර්තා කිරීමට පෙර සෞඛ්‍ය අංශවලින් තහවුරු කරගන නිවරදි පුවත් පමණක් වාර්තා කිරීම මාධ්‍යෙව්දින්ගේ වගකිම බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 16 =