‘බුරවි’ තව පැය කිහිපයකින් දිවයිනෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –බුරවි සුළි කුණාටුව මේ වන විට මන්නාරමේ ඉලුප්පායිකඩවායි වෙරළ තීරය ආසන්නයේ ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යමින් පවති.

තවත් පැයක පමණ කාලයකින් කුණාටුවේ කේන්ද්‍රය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යනු ඇති බවයි,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. කුණාටුවෙන් බරපතල හානි කිසිවක් වාර්තා වී නැතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *