තවත් කොවිඩ් මරණ 03ක් – මුළු මරණ ගණන 140ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –තවත් කොවිඩ් – 19 ආසාදිත මරණ 03ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 140 දක්වා ඉහළ යනු ඇත.

එසේ මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙකි. ඔවුන් කෝට්ටේ (98 හැවිරිදි), කහතුඩුව (80 හැවිරිදි) සහ මග්ගොන (71 හැවිරිදි) පදිංචිව සිටි පුද්ගලයින් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *