චීනය නිපදවූ කොරොනා එන්නත නිල වශයෙන් ලියාපදිංචි කරයි

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ සයිනෝෆාර්ම් සමූහය නිපදවූ කොරොනා එන්නත නිල වශයෙන් ලියාපදිංචි කළ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අද (09) ප්‍රකාශ කළේ ය.

මීට දින කිහිපයකට පෙර චීනයෙන් කොරොනා එන්නත මාත්‍රා මිලියනයක් 2වන වරට බ්‍රසීලයට ළඟා වූ අතර එවන් එන්නත් මාත්‍රා මිලියන 1.2ක් පළමු වරට ඉන්දුනීසියාවට යවනු ලැබිණ.

සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරිය හැකි මිලකට කොරොනා එන්නත් ලබා දීමට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෑතදී පැවති ජී-20 නායක සමුළුවේදී ප්‍රතිඥා දී තිබිණ. චීනයේ එන්නත් පර්යේෂණයේ හා සංවර්ධනයේ සුමට ප්‍රගතියත් සමග චීනයේ මෙම ප්‍රතිඥාව යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ. කොරොනා එන්නත් පර්යේෂණය හා සංවර්ධනය අතින් චීනය ලොව ඉදරියෙන් ම සිටී.

මේ වන විට චීනයේ නිෂ්පාදිත එන්නත් රැසක් 3වන සායනික අත්හදා බැලීමට පිවිස ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛත්වයෙන් යුත් කොරොනා එන්නත් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මට චීනය එක් ව සිටින්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් සැපයීම කෙරෙහි ප්‍රමුඛතාව ලබා දීමට හා එන්නත් සාධාරණ ලෙස බෙදා හැරීමට දායක වීම සඳහායි.

චීනයේ එම අභිලාෂය නොතකා චීන එන්නත් ඉලක්ක කරගෙන විවිධ කට කතා නිර්මාණය කිරීමට ඇතැම් බටහිර රටවල් මෑතකදී උනන්දු වී සිටී. චීනය එන්නත් පිළිබඳ පර්යේෂණ තාක්ෂණය බටහිර රටවලින් සොරකම් කිරීම, චීනය කොරොනා එන්නත් භූ දේශපාලන උපකරණයක් වශයෙන් භාවිත කිරීම සහ චීනයේ කොරොනා එන්නත් ආරක්ෂිත නොවීම වැනි කිසිදු පදනමක් නොමැති මත බටහිර රටවල් විසින් පළ කර තිබේ. එහෙත් චීනය නිපදවූ එන්නත් මේ වන විට බොහෝ රටවල පිළිගැනීමට ලක් වී ඇත. උදාහරණ වශයෙන් මෙක්සිකෝව චීනයෙන් කොරොනා එන්නත් මාත්‍රා මිලියන 35ක් මිළදී ගැනීමට සූදානමින් සිටී. තුර්කිය චීනයෙන් ඇණවුම් කළ එන්නත් මාත්‍රා මිලියන 50ක් නුදුරේදී එරටට ළඟා වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *