රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සඳහා පෞද්ගලික රෝහල්වලට අවසර ලබාදීම කඩිනමින්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදු කරන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය සඳහා පෞද්ගලික අංශයටත් කඩිනමින් අවසර ලබාදීමට කටයුතු කරමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

“මේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය මෙතෙක් අපි පෞද්ගලික ක්ෂේත්‍රයට ලබාදීලා නෑ. නමුත් පෞද්ගලික ක්ෂේත්‍රයටත් මෙය ලබාදීමේ ක්‍රමවේදයක් – ඒ කියන්නෙ මේකෙ අවශ්‍යතාවය කෙසේ හෝ වැඩි ප්‍රමාණයක් පරීක්ෂණ කරලා හැකි ඉක්මනින් මේ ඉන්න ආසාදිතයින් සොයාගෙන ඔවුන් ඉවත් කරලා සෙසු ජනතාව නිදහස් කිරීමට කටයුතු කිරීමයිනෙ – ඒක හින්දා ඊයේ සවස් භාගයේදී මම සාකච්ඡා කළා සෞඛ්‍ය අමාත්‍යතුමියත් එක්ක. ඉතිං ඒ අනුව බොහෝදුරට අපි අද සාකච්ඡාවක් කරලා පෞද්ගලික ක්ෂේත්‍රයත් යම්කිසි ආකාරයකට සම්බන්ධ කරගෙන මෙය වැඩිදියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − three =