ජපානයේ කුරුලු උණ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ, ඔකයාමා ප්‍රාන්තයේ ගොවිපළක් ආශ්‍රිතව කුරුලු උණ රෝගී තත්ත්වයක් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවති.

එය මෙම වසරේ මුහුණ දුන් දරුණුතම කුරුලු උණ රෝගී තත්ත්වය ලෙස ප්‍රාන්ත බලධාරීන් විසින් හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ වන විට මෙම තත්ත්වය ප්‍රාන්ත 6 ක් පුරා පැතිර ගොස් තිබේ.

කුරුලු උණ තත්ත්වය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් එම ගොවිපළේ කුකුලන් 640,000ක පමණ ප්‍රමාණයක් විනාශ කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *