‘ජෙමිනිඩ්’උල්කාවර්ෂාව අද රාත්‍රී දිස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –වසරක් පාසා දෙසැම්බර් 4-17 කාලය තූල දිස්වන’ජෙමිනිඩ්’ නම් වු උල්කාවර්ෂාවේ උච්චතම අවස්ථාව අද(13) රාත්‍රියේදී ශ්‍රී ලංකාවට හොදින් දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

ආලෝක දුෂණයෙන් තොර පැහැදිලි අහසක් සහිත ස්ථානයකදී ප.ව. 9.00 න් පසු නැගෙනහිර අහසේත්, මධ්‍යම රාත්‍රියට අසන්නයේදී අහස මුදුනදෙසත්, අළුයම කාලයෙද් නැගෙනහිර අහස දෙසත් බැලු විට කඩාහැලෙන තරු මෙන්දිස්වන මෙම උල්කාවර්ෂාව අපට දැකගත හැකිය.

උපරිම ක්‍රියාකාරිත්වය ඇතිවිට හා අහස මුදුණින් දිස්වන විට හොදින්ම දැකබලාගත හැකි බැවින් නැරඹීමට සුදුසුතම වේලාව 14වන දින අළුයම 2 ත්- 4.30 ත් අතර කාලයවේ. පැයකට උල්කා120 පමණ දිස්වෙතැයි බලාපොරොත්තූ විය හැක.

උල්කාවර්ෂා නැරඹිම පියවි ඇසින් කලයුතූ අතර ඒසදහා දුරේක්‍ෂ සහ දෙනෙති භාවිතා නොකල යුතූය. මෙම උල්කාවර්ෂාව 14 සහ 15 දිනවලද දර්ශනය වන මුත් එවිට දිස්වන උල්කාප්‍රමාණය තරමක් අඩුය. මෙම උල්කා වර්ෂාව සුදු, කහ, කොළ, නිල් සහ රතූ වරණ සහිත වෛවර්ණ උල්කාවලින්යුතූ උල්කාවර්ෂාවක් ලෙස ප්‍රසිද්ධියට පත් උල්කා වර්ෂාවක් බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *