නව මැනිං වෙළෙඳපොළ හෙට සිට විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳාම සඳහා හෙට (14) සිට විවෘත කිරීමට තීරණය කර ඇති බව මැනිං පොදුවෙළෙඳ සංගමයේ සභාපති ලාල් හෙට්ට්ගේ මහතා සඳහන් කළේය.

ඒ අනුව පස්වරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා එහි වෙළෙඳාම් කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

නව මැනිං වෙළෙඳපොළ සංකීර්ණය සඳුදා දිනයේ දී බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි, නාලක ගොඩහේවා මහතාගේ අධීක්ෂණය යටතේ සඳුදා දිනයේ දී සියලූම ව්‍යාපාරිකයින් හා ගොවියන් වෙනුවෙන් විවෘත කරන බවත් තදබදයකින් තොරව වෙළෙඳ කටයුතු කරගෙන යෑමට තොග වෙළෙඳුන් පමණක් එදිනට තමන්ගේ කෘෂි නිෂ්පාදන ගෙන්වන ලෙසත් ඉල්ලා සිටින බව එහි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *