ශ්‍රී ලංකාවේ පළමු ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම් ජනවාරියේදී ආරම්භ කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ පළමු ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම් ජනවාරියේදී ආරම්භ කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

“විවිධ පක්ෂ, විවිධ ආණ්ඩු ජනතාව හමුවේ නොයෙක් බලාපොරොත්තු තැබුවා. නමුත් අපේ ආණ්ඩුව ඊට වඩා හාත්පසින් වෙනස් සුවිශේෂි බලාපොරොත්තුවක් ජනතාවට ලබා දුන්නා. පොසිල ඉන්ධන වලින් තොර විදුලිබල ක්ෂේත්‍රයක් ගොඩනගා ගන්නේ ගන්නේ කෙසේද යන්න කියන එක තමයි ඒ බලාපොරෝතතුව. ඒ වෙනුවෙන් අපි පසුගිය 8 දා මන්නාරම සුළං බලාගාරය ජනතාවට දායාද කරමින් හැරවුම් ලක්ෂයකට සාර්ථක පියවරක් තැබුවා. ඊට අමතරව ශ්‍රී ලංකවේ ඉදිවන පළමු සූර්ය බලාගාර උද්‍යානයට අපි සැලසුම් මේ වනවිට සකස් කරලා තිබෙනවා. අනාගතය වෙනුවෙන් සුරක්ෂිත රටක් හැදීමේ වැඩපිළිවෙලට අතීතයේ පාලකයින් යම් යම් අත්පොත් තැබීම් කර තිබෙන අතර, අපි මේ වනවිට ඒ වෙනුවෙන් සෞභාග්‍යයේ දැක්ම තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් සිටිනවා. 2030 වනවිට පිවිතුරු බලශක්තියේ දායකත්වය 70% කිරීමයි අපේ ඒකායන අරමුණ. ඒ වෙනුවෙන් පළමු ද්‍රව වායු බලාගාරය වත්තල කෙරවලපිටියේදී අගමැතිතුමාගේ සුරතින් ජනවාරි මස තුලදී වැඩ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා” යැයි අමාත්‍ය ඩලස් අලහ්පපෙරුම මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, අද (17) පෙරවරුවේ ලංකා විදුලි පුද්ගලික සමාගමේ කඳාන පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ජනතා සේවයට කැපකිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

ලංකා විදුලි පුද්ගලික සමාගමට අයත් කඳාන ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් ආරම්භ වූ මෙම විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය කඳාන ලින්ටන් පාරේ, අංක 253/2 දරණ ස්ථානයේ ස්ථාපිත කර ඇත. මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වැඩිදියුණු කළ පහසුකම් වලින් සමන්විත වන අතර සේවා බිඳවැටීම් වලට සහභාගී වීම ඉක්මන් ප්‍රතිස්ථාපනය සඳහා දුරස්ථව අධීක්ෂණය කරනු ලැබේ.

LECO හි නව හඳුන්වාදීම “LECO Payment Kiosk” ද මෙම ස්ථානයේ පිහිටා ඇත. මෙම ගොඩනැගිල්ල 20 kWp සූර්ය වහල ඉහළ පද්ධතියකින් ද නවීන බලශක්ති අධීක්ෂණ පද්ධතියකින් ද සමන්විත වේ. නව සහ පවතින ගනුදෙනුකරුවන්ට LECO සේවා අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ හැකිය. මෙම සේවාවට නව සේවා සම්බන්ධතා, ගිණුම් නාම වෙනස් කිරීම, තීරු ගාස්තු වෙනස් කිරීම, මීටර පරීක්ෂාව, ශුද්ධ මීටර සම්බන්ධතා, සේවා වයර් / ධ්‍රැව / මීටර මාරුව ඇතුළු සියලුම පාරිභෝගික සේවා ඉල්ලීම් ඇතුළත් වේ. සමස්ත ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 50 කි. මෙහි විශේෂත්වය වන්නේ පැය 24 සහ දින 365 විවෘත සේවාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 4 =