මෙරට කොරෝනා ආසාදිතයින් 36,000 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තිස් හය දහස ඉක්මවා ගොස් තිබේ. ඒ ඊයේ(18) දිනය තුළ නව ආසාදිතයින් 662ක් හදුනා ගැනීමත් සමගයි.

ඊයේ හදුනාගත් නව ආසාදිතයින් හයසිය හැට දෙදෙනා ද සමගින් මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තිස් හය දහස් හතලිස් නවයක් දක්වා ඉහළ ගියේය.

ඒ අනූව මිනුවන්ගොඩ,පෑලියගොඩ කොරෝනා පොකුර තිස් දෙදහස් තුන්සිය අසූවක් ලෙස ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඊයේ දිනයේ සුවය ලබා ආසාදිතයින් හත්සිය අට දෙනෙකු පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි හත් දහස් හැට එකක්.

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ පහක් ද වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *