නැගෙනහිර නත්තල් උත්සවය

(කොළඹ, ලංකාපුවත්) – නැගෙනහිර පළාත් සංචාරක කාර්යංශයේ සංවිධානය කළ නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව තන්නමුනෙයි “MIANI CHILDRENS HOME” හිදි පැවැත්විණි. එහිදි කුඩා ළමුන්ගේ කැරෝල් ගී ප්‍රසංගයක් සහ නත්තල් නාට්‍ය කිහිපයක්ද පැවැත්විණි.

මේ අවස්ථාවට පළාත් සංචාරක කාර්යංශයේ සභාපති හැරී ප්‍රතාප් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එම උත්සවයේදි කැරොල් ගී ගායනා කළ කුඩා දරුවන්ට නත්තල් ත්‍යාග ප්‍රදානයක්ද ආණ්ඩුකාරවරියගේ අතින් සිදු වුවාය.

ඊට අමතරව එම උත්සව කටයුතු සංවිධානය කළ පියතුමන්ලාට සහ කන්‍යා සොහොයුරියන්ටද ආණ්ඩුකාරවරිය ත්‍යාග පිරිනැමුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *