අමාත්‍ය සීතා අරඹේපොල ඩීමෝ විද්‍යාතනයේ නිරීක්ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) –නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පසුගිය දින වැලිවේරිය පිහිටි ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම යටතේ පවතින ඩීමෝ තාක්ෂණික විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය

මෙම නිරීක්ෂණයෙ අරමුණ වූයේ රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය එක්ව කාර්මික දැනුම හුවමාරු කරගනිමින් මෙරට තරුණයන්ගේ වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවීමත්, මෙරට තරුණ ප්‍රජාව මෙම කාර්මික වෘත්තීය අධ්‍යාපන ක්ශේත්‍රයට ආකර්ණය කර ගැනිම තුළින් අභිමානවත් කාර්මික වෘත්තිකයන් බිහිකිරිමට අවශ්‍ය සැලසුම් නිර්මාණය කිරීමයි .

ජර්මානු වාණිජ මණ්ඩලයේ සහතිකය සමග ක්‍රියාත්මක වන ඩීමෝ තාක්ෂණික විද්‍යාතනය වැලිවේරිය හා යාපනය කේන්ද්‍ර කරගනිමින් පාඨමාලා ක්‍රියාත්මක කරයි. වර්තමාන ලෝකයේ භාවිත වන මොටර් රථ කර්මාන්තයේ තාක්ෂණයන් සමග මුහුවෙමින් ඉගැන්විම් හා පුහුණු කටයුතු සිදු කරන මෙම විද්‍යාතනය සමග දැනුම හුවමාරු කරගැනීම ‍පිළිබඳව මෙහිදී අමාත්‍යවරිය එහි පාලනාධිකාරිය සමඟ සාකච්ඡාවක නිරවූ අතර ආයතනය තුළ ඇති වැඩබිම් පරිශ්‍රයන් දීර්ඝව නිරීක්ෂණය කළ අමාත්‍යතුමිය, දැනුම හුවමාරු වැඩපිළිවෙලකදී මෙම ආයතනයට අවශ්‍ය රාජ්‍ය අංශයේ සහායෝගය ලබා දීමටත් අමාත්‍යතුමිය මෙහි දී එකගතාවය පල කළා ය.

මෙම අවස්ථාවය ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි – ඒ.ගහනාත් පණ්ඩිතගේ මහතා, පුහුණු අංශයේ ප්‍රධානි – විමුක්ති රන්දෙණිය මහතා, ජ්‍යෙෂ්ඨ උපදේශක පුහුණු – නදුන් අමරසිංහ මහතා සහ අමාත්‍යාංශයේ නිළධාරීන් ඇතුලු පිරිසක් සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *