උත්සව සමයේ ඇඳිරිය පැනවෙතැයි පැතිරෙන කතා බොරු – යුද හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) –නත්තල් හා අලුත් අවුරුදු උත්සව සමයේදී නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ සූදානමක් පවතින බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

උත්සව සමය ආරම්භ වීමත් සමඟ මෙලෙස විවිධ ප්‍රචාර පැතිර ගියද මේ වන තෙක් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ තීරණයක් ගෙන නොමැති බවද යුද හමුදාපතිවරයා පැවැසීය.

මේ අතර මාස දෙකකට අධික කාලයක් හුදෙකලා කර තිබූ වැල්ලම්පිටිය, ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය ඊයේ (24) පෙරවරු 6. 00 සිට ක්‍රියාත්මක වන පරිදි එම හුදෙකලා බවින් ඉවත් කිරීමට පියවර ගත් බව පවසන යුද හමුදාපතිවරයා ත්‍රිකුණාමලය, අභයපුරම් ග්‍රාම නිලධාරි වසම සහ ජින්නානගර් ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙන බවද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *