බ්‍රසීල උප ජනාධිපතිට කොරෝනා වැළදෙයි

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රසීලයේ උප ජනාධිපති හැමිල්ටන් මොරාවෝට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට බලධාරීන් පසුගියදා(27) නිවේදනය කර ඇත.

67 හැවිරිදි උප ජනාධිපතිවරයා, ඔහුගේ නිල නිවස වන ජබුරු මාලිගයේ නිරෝධායනයකට ලක් කර තිබේ. ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ වැඩි තොරතුරු අනාවරණය නොවන බව සදහන් වේ.

එසේම බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට ද ඉකුත් ජූලි මාසයේදී කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබීය.

මිලියන 212 කට අධික ජනගහනයක් සිටින බ්‍රසීලය, එක්සත් ජනපදය හා ඉන්දියාව පසුපසින් කොරොන වයිරසයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ තුන්වන රට වේ.

රටේ මිලියන 7.5 කට ආසන්න ජනතාවකට වෛරසය ආසාදනය වී ඇති අතර 191,000 කට වැඩි පිරිසක් මෙම රෝගයෙන් මිය ගොස් ඇත. මිලියන 6.6 කට වැඩි පිරිසක් සුවය ලබා ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *