රියැදුරු බලපත් මුද්‍රණය යුද හමුදාවට

(කොළඹ, ලංකාපුවත්) –රියැදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැවරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කරයි.

ඒ අනුව රියැදුරු බලපත්‍ර මුද්‍රණය එළඹෙන ජනවාරි මස පළමු වනදා සිට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

වසර 11ක් පුරාවට දකුණු අප්‍රිකානු සමාගමක් විසින් මෙරට රියැදුරු බලපත්‍ර මුද්‍රණය සිදුකළ බව පෙන්වාදෙන එම දෙපාර්තමේන්තුව නව රජය බලයට පැමිණීමෙන් පසු එම ගිවිසුම අවලංගු කිරීමට ගත් තීරණයත් සමඟ මෙතෙක් විදෙස් සමාගමක් වෙත ඇදී ගිය විශාල මුදලක් මෙරට තුල ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන අතර මසකට නව රියැදුරු බලපත්‍ර 60,000 – 90,000 අතර ප්‍රමාණයක් නිකුත් කරන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *