(කොළඹ, ලංකාපුවත්) –උපයන විට ගෙවීමේ බද්ද සහ පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද අද (01) සිට අහෝසි වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මාසයකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන පුද්ගලයෙකු උපයන විට බද්ද ගෙවිය යුතුව තිබූ අතර එය මින් ඉදිරියට බලපැවැත්වෙන්නේ මසකට රුපියල් 250,000 කට වඩා වැඩි ආදායමක් උපයන පුද්ගලයන්ට පමණයි.
මේ අතර ඉතුරුම් ගිණුම්වල පොළිය මත මෙතෙක් සියයට 05 ක රඳවා ගැනීමේ බද්දක් අය කළ අතර එම බදු අය කිරීම අද සිට අහෝසි වනවා.
කාර්තුවට රුපියල් මිලියන 75 කට වඩා අඩුවෙන් මුදල් සැපයුමක් පවතින ව්‍යාපාරිකයින්ගෙන් වැට් බදු අය කිරීමද අද සිට නතර කෙරෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.