මෙරට කොවිඩ් මරණ ගණන 222ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරටින් අද (07) දින තවත් කොවිඩ් – 19 මරණ 03ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසිනන් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ සමඟ මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 222ක් වේ.

මියගොස් ඇත්තේ මීතිරිගල ප්‍රදේශයේ 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බේරුවල ප්‍රදේශයේ 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *