හෝමාගමින් කොවිඩ් මරණ 04ක්

(කොළඹ, ලංකාපුවත්) –තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දොපර්තමේන්තුව සදහන් කරයි

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 229ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවක්, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ඕපනායක ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මිය ගොස් ඇත.

ඔවුන් සියලුදෙනාම හෝමාගම මූලික රෝහලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියෙගොස් ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *