තවත් කොවිඩ් මරණ 08ක් වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් 19 ආසාදනය වීම නිසා සිදුව තිබෙන පුද්ගල මරණ 08ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තොරතුරු තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 මරණ ගණන 240ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ පසුගිය 06,07,08,10 සහ අද (11) යන දිනවලදී සිදුව ඇති බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *