ගුවන් හමුදාපති කුසලාන වාර්ෂික ගොල්ෆ් තරගාවලිය ජනවාරි 22වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගොල්ෆ් ලින්ක් සංවිධාන කරනු ලබන ගුවන් හමුදාපති කුසලාන කාන්තා සහ පිරිමි වාර්ෂික ගොල්ෆ් තරගාවලිය ජනවාරි මස 22වනදා සිට 24වනදා දක්වා පැවැත්වේ.

එය ත්‍රිකුණාමලය වරාය සමීපව චීනවරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හි දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ගුවන් හමුදාව සදහන් කරයි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මග පෙන්වීම මත මෙම කටයුතු සංවිධාන කරනු ඇත.

කොළඹ අද(12) පැවැති මාධ්‍ය හමුවකදී ගුවන් හමුදා ගොල්ෆ් සංගමයේ සභාපති එයාර් කොමදෝරු ප්‍රසන්න රණසිංහ මහතා සදහන් කර සිටියේ මෙවර අටවැනි වරට සංවිධාන කරනු ලබන මෙම තරගාවලිය සදහා දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100දෙනෙකුට අධික පිරිසක් සහභාගී වීමට නියමිත බවය.

ගුවන් හමුදාපති කුසලානයට අමතරව තරඟකරුවන් පිළිවෙලින් කාන්තා සහ පිරිමි කාණ්ඩයන්ට අයත්ව දක්ෂතම ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයාට හිමි ඊගල්ස් අභියෝගතා කුසලානය සදහා ද තරග වැදීමට නියමිතය.

මෙම වසරේ තරගාවලිය සදහා ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයනු ලැඛේ. තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියාපදිංචිය මේ වන විට අරඹා ඇති අතර ජනවාරි මස 15වන දිනෙන් ලියාපදිංචි කටයුතු අවසන් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *