දමිළ තරුණයන්ගේ හර්තාලය ගැන නැගෙනහිර ආණ්ඩුකාරවරිය කතා කරයි

(කොළඹ, ලංකාපුවත්) –සිය දේශපාලන අරමුණු ඉෂ්ඨ කර ගැනීම වෙනුවෙන් දමිළ තරුණ තරුණියන්ගේ අනාගතය බිල්ලට නොදෙන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය දේශපාලන අරමුණු සහිත දමිළ දේශපාලනඥයන්ගෙන් ඉල්ලීමක් කළාය.

වත්මන් තරුණ තරුණියන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගැනීම සහ පළාත දියුණු කර ගැනීම පමණක් බවද ඇය කියා සිටියාය.තත්වය එසේ තිබියදී ඔවුන් නැවත වරක් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කිරීම හෙළා දකින බව ද ආණ්ඩුකාරවරිය කීවාය.

යාපනය විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ ස්මාරකයක් ඉවත් කළා යැයි චෝදනා කරමින් ආරම්භ කළ හර්තාලය පිළිබඳව අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.එය අවසන් කිරීම පිළිබඳව සතුටු වන බවද ආණ්ඩුකාරවරිය කියා සිටියාය.එම තරුණ තරුණියන්ට මේ මොහොතේ අවශ්‍ය වන්නේ ඔවුන්ගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා වන අරමුණු මුදුන්පත් කරගැනීම පමණක් වන අතර එසේ නොකර ඔවුන්ගේ ජීවිතය මෙවැනි කටයුතු වෙනුවෙන් යොදවා නැවත වරක් එම අරගල ගැටුම් බවට පත් කිරීමට කටයුතු නොකරන ලෙසද ආණ්ඩුකාරවරිය දමිළ දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටියාය.

තිස් වසරක් පුරා පැවැති යුධමය වාතාවරණයේ අඳුරු සෙවණැලි මේ වන විට මැකී ගොස් අවසන්ය

දැන් සිදුකල යුත්තේ මෙම දමිළ තරුණ තරුණියන්ගේ දායකත්වය රටේ අභිවෘද්ධිය කරා ගෙන යෑමට උදව් කිරීම බවද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *