නව කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරටට පැමිණි අයෙකුට ආසාදනය වෙයි

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ බවට සැකපිට මෙරටට පැමිණි පුද්ගලයෙකු සම්බන්ධයෙන් සායනික පරීක්ෂණයේ වාර්තාව නිකුත් වී තිබේ.

ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු කණ්ඩායමක් කළ පරීක්ෂණවලදී එංගලන්තයේ සිට මෙරටට පැමිණි අයෙකු, එරටින් හමුවූ නව කොරෝනා වෛරස විශේෂය ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත.

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කරමින් සිදුකෙරුණු පරීක්ෂණවලදී එංගලන්තයේ සිට මෙරටට පැමිණ සිටි අදාළ පුද්ගලයා හඳුනාගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *