(කොළඹ, ලංකාපුවත්) – හෙටට(14) යෙදෙන තෛපොංගල් උත්සවය ද පවුලේ අයට පමණක් සීමා කරගනිමින් සෞඛ්‍ය උපදෙස්වලට ගරුකරමින් සමරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
හුදෙකලා බවින් නිදහස් කළ කොළඹ ඇතැම් ප්‍රදේශවල ජනතාව නිරෝධායන නීති අනුගමනය නොකරන බව පෙනී ගොස් ඇත. ඒ සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් සිදු කළ නිරීක්ෂණවලදීය.
සෞඛ්‍ය උපදෙස් කඩකළහොත් එම ප්‍රදේශ නැවත හුදෙකලා කිරීමට සිදු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.