ඉන්දුනීසියාවේ භූ කම්පනයක් – 07ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාවේ, සුලාවේසි දිවයිනේ එරට වේලාවෙන් අද(15) අලුයම් කාලයේ දී රික්ටර් 6.2ක භූ කම්පනයක් හටගෙන ඇත.

මෙහිදී අවම වශයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් හයසියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආපදා අවම කිරීමේ ඒජන්සිය නිවේදනය කරයි.

සුලාවේසි දිවයිනේ මැජීන් නගරයේ සිට කිලෝමීටර් 06 ක් ඊසාන දෙසින් කිලෝමීටර් 10 ක් භූ අභ්‍යන්තරයේ මෙම කම්පනය හටගෙන ඇති බව සදහන්වේ.

අවදානම් කලාපවල ජීවත් වන දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂක ස්ථාන වෙත ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

තත්පර 5 සිට 7 දක්වා දැඩි ලෙස දැනෙන හා අවම වශයෙන් නිවාස 62 කට හානි සිදුවිය හැකි භූමිකම්පාවෙන් පසු නිවැසියන් 3,000 ක් පමණ ආරක්ෂාව පතා සිය නිවෙස්වලින් පලා ගිය බව වාර්තා වේ.

කඩා වැටුණු ගොඩනැගිලිවල තවමත් බොහෝ දෙනෙක් කොටු වී සිටින බව සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායම් පවසන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − nine =