GMOA වෙතින් පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සේවය කරන වාට්ටුවේ ඔහුට හිතවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබීම අනපේක්ෂිත තත්වයක් නොවන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඊට හේතුව ඔවුන් දෙදෙනාම සේවය කරන්නේ කොවිඩ් රෝගීන් නිතර හමුවන රෝහලක බව අදාල නිවේදනයේ සඳහන් කෙරේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාගේ නිවසේ පැවති උත්සවයකට සහභාගි වූ වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හෙලිදරව් වීමත් සමග ඇති වූ ආන්දෝලනාත්මක තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

තම සංගමය සහ සංගමයේ නිළධාරීන් කොවිඩ් වෛරසයට නොබියව මුහුණ දුන් පිරිසක් බවත්, පළායාමට තරම් බියපත් නොවන පිරිසක් බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

වෙනත් රටවල ‍කොවිඩ් වෛරසය ආසාදනය වී වෛද්‍යවරුන් මියගොස් ඇති බව වාර්තා වී තිබියදී පවා එකදු දිනයක් හෝ මග නොහැර රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ නිරතව සිටින අනුරුද්ධ පාදෙනිය මහතාට මෙසේ අභූත චෝදනා එල්ල කිරීම කිසිසේත් සුදුසු නොවන බව නිවේදනයේ සඳහන් වේ.

කොවිඩ් වෛරසය හමුවේ පමණක් නොව, කිරිපිටි, දුම්වැටි, මධ්‍යසාර වැනි ජනතාවට අහිකර දේ සඳහා මෙහෙයවන මුදල්වල එරෙහිව රටේ දරුවන්ගේ යහපත සඳහා තම සංගමය සිදු කරගෙන යන මෙහෙයුම් යටපත් කිරීම සඳහා විටින් විට මෙවැනි අභූත චෝදනා එල්ල වන බවත් කෙසේ නමුත් එවැනි උත්සාහයන් හරහා තම සංගමයේ කාර්යභාරය යටපත් ‍කළ නොහැකි බවත් එම සංගමය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − 1 =