රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට නව සාමාජිකයින් දෙදෙනෙක්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ( 19) නිවේදනය කළේය.

මෙම කාරකසභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ පාර්ල්මේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා තේරීම් කාරක සභාව විසින් නම්කරනු ලැබූ නම් බව කථානායකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × two =