ශ්‍රී ලංකාව – වියට්නාමය අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්වීපාර්ශවික සහයෝඟීතාව තව දුරටත් වර්ධනය කරගනිමින් දෙරට අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට දෙරටේ රජයන් අවධානය යොමු කරයි.

ආගමික හා සංස්කෘතික සංචාරක කටයුතු ප්‍රවර්ධනට දෙරට අතර ඍජු ගුවන් සම්බන්ධතාවක් ඇති කරගැනීම සඳහා වියට්නාමයේ හා ශ්‍රී ලංකාවේ අවධානය යොමුව තිබෙන අතර, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ හා වියට්නාමයේ හෝ චි මිං නුවර පිහිටි වියට්නාම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (VCCI) උප සභාපති සහ සාමාන්‍ය අධ්‍යක්ෂ වෝ ටැන් තාන් මහත්වරු අතර පැවැති සාකච්ඡාවක දී මේ පිළිබඳ අවධානය යොමු වී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

සංචාරක කටයුතු සීමාකොට ඇති කොවිඩ්-19 කාල සීමාව තුළ දී වෙළෙඳ, ආයෝජන සහ ව්‍යාපාරික සබඳතා සඳහා පහසුකම් සැලසීම පිණිස, ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ සංචාරක අපේක්ෂාවන් මෙන්ම පවත්නා නීතිමය උපකරණ මෙන්ම වෙබ්නාර්, වීඩියෝ සම්මන්ත්‍රණ වැනි නව මාධ්‍යයන් පිළිබඳ මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කර තිබෙන අතර වෙළඳ, සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳ තානාපතිවරයා වියට්නාම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයට සහ උප සභාපති තාන් මහතාට සිය ස්තූතිය පළ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *