කෘෂිකර්ම ජාතික ප‍්‍රතිපත්තිය මාස හයකින් හඳුන්වා දීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –කෘෂිකර්මාන්තය සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් ඉදිරි මාස හය තුළ හදුන්වාදිමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ සදහා 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව ඇමතිවරයා සදහන් කළේය.

මෙරට කෘෂිකර්ම ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් විධිමත් දත්ත පද්ධතියක් නොමැති වීමද ප‍්‍රධාන ගැටලුවක් ලෙස හදුනාගෙන තිබේ. ඒ අනුව ඉදිරි මාස තුන තුළ එම දත්ත පද්ධතිය සකස් කර අවසන් කිරිමට සැලසුම් කර ඇත.

මේ වන විට සියයට හැටකින් පමණ දත්ත පද්ධතිය සකස් කිරිමේ කටයුතු අවසන් කර ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය.

ඒ අනුව එම දත්ත පද්ධතිය ඔස්සේ පහත සදහා තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

1. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සියලු තොරතුරු එක දත්ත ගබඩාවක්යටතට පත්කිරීම.

2. ගොවි ජනතාවගේ සියලු තොරතුරු මීට ඇතුළත්කෙරේ.
උදා: පවුලේ සමාජිකයන්,අධ්‍යාපන සුදුසුකම්,කෘෂිකර්මාන්තයේ නියැලි සිටින
කාලය,අමතර රැකියා කරන්නේ ද, වගා කරන ඉඩමේ අයිතිය,වගා කරන
බෝග,යොදනු ලබන පොහොර

3. වගා කරන සියලු ඉඩම් වල තොරතුරු හා ඒ ඒ ප්‍රදේශ වල වගා කරන
බෝගවල තොරතුරුද මීට ඇතුළත් කෙරේ.

4. එක් කන්නයක දිවයින පුරා වගා කොට ඇති බෝග

5. බෝග වගාවේදි යොදාගත යුතු ක්‍රමවේද
6. කෘෂි තාක්ෂණික දැනුම

7. වගා කිරීම් අනුව නිෂ්පාදනය,අලෙවිය,මිල

8. දිවයින පුරා ක්‍රියාත්මක කෘෂිකාර්මික ව්‍යාපෘති වල තොරතුරු

9. පොහොර බෙදා හැරීම, භාවිතය,පස් පරික්ෂා කිරීමේ වාර්තා,පොහොර යෙදිය යුතු ආකාරය

10. සත්ත්ව නිෂ්පාදන පිළිබඳ තොරතුරු

• ඕනෑම අවස්ථාවක,ඕනෑම තැනක සිට,දිවයිනේ ඕනෑම ගොවි මහතෙකුගේ,ගොවිපළක තොරතුරු මෙමඟින් ලබාගත හැක.

• කාලගුණික හා දේශගුණික තත්වයන් තුළ වගා කරන විවිධ බෝග ගැන තොරතුරු ලබාගත හැකි පරිදි කේන්ද්‍රගත කෘෂිකර්ම පද්ධතිය සකස් කෙරේ.

• බොහෝ දියුණු රට වල මෙවැනි පද්ධති ක්‍රියාත්මකයි.ලංකාවේ අංග සම්පූර්ණ එවැනි පද්ධතියක් සකස් කෙරෙන්නේ පළමු වතාවටයි.

• දැනට සියලු ආයතනවල වෙන්වෙන්ව ඇති සියලු තොරතුරුඑකම පද්ධතියකට මෙමඟින් එකතු කෙරේ.

• සාධාරණ මිලක් ගොවියාටත්,සාධාරණ මිලක් පාරිභෝගිකයාටත් ලබා දීමද මෙහි තවත් අරමුණක්.

• යාවත්කාලීන තොරතුරු මුළු රටටම ලබා දීමද මෙම පද්ධතිය මඟින් සිදු කිරීමට නියමිතයි.

• දැනට මෙහි කටයුතු සැලකිය යුතු ප්‍රමාණයක් අවසන්. ( මාර්තු අවසන් කිරීම අපේක්ෂාව)

• දිවයින පුරා කෘෂි නිලධාරින් හා රාජ්‍ය නිලධාරින් හරහා සත්‍ය තොරතුරු පමණක් මෙම කේන්ද්‍රගත කෘෂිකර්ම තොරතුරු පද්ධතියට ඇතුළත් කෙරේ.

• මෙම තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරිමට දිවයින පුරා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ට හා කෘෂි උපදේශකවරුන්ට,සංවර්ධන නිලධාරීන්ට (Tab)පරිඝනක ලබා දෙන අතර, ඒ සඳහා සීමාරහිත ඩේටා පැකේජ ලබාදෙනු ලැබේ.

• මේ සඳහා සියළු ගොවිජනතාවට තොරතුරු ලබාදීමට අයදුම්පත්‍ර ලබාදෙන අතර, ඊට සත්‍ය තොරතුරු ඇතුලත් කිරීමේ වගකීම අදාල කෘෂි නිලධාරීන්ට පවරා ඇත.

• හම්බන්තොට, වව්නියාව, අනුරාධපුර, කුරුණෑගල, ගම්පහ යන දිස්ත්‍රික්ක වලට අදාල තොරතුරු දැනටමත් සකසා අවසන්

• මධ්‍යම රජය, පළාත් සභාව හා අනෙකුත් සියළු ආයතන සම්බන්ධ කරගත් පුළුල් වැඩපිළිවෙලක් තුළින් මෙම ජාතික ක්‍රියාන්විතය ක්‍රියාත්මක කෙරේ.

• විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හා විද්‍යාර්ථීන්ගේ සහාය ද මීට ලබාගැනීමට සැලසුම්කර තිබෙනවා.

• ගොවිමහතුන්ට සෘජුව මෙම පද්ධතියට අදහස් දැක්විය හැකි පහසුකම් ද මීට ඇතුලත්.

• දැනට මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් ඒ ඒ ආයතන කැඳවා සිදුකර තිබෙනවා.

• මෙම පද්ධතිය තුළ එක් එක් ගොවියාට QR කේතයක් සකස් වන අතර ගොවි හැඳුනුම්පත ලබාදීමේ දී එය යොදාගැනේ.

• ගොවීන්ගේ වගාබිම් සිතියම්ගත කොට පෙන්වීම. (චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ගොවිබිමේ තත්ත්වය නිරීක්ෂණයට හැකිවීම)

• අස්වනු හානි පවා දැකබලාගැනීමට දිවයිනේ ඕනෑම තැනක සිට අවස්ථාව ලබාදීම.

• ඉදිරියේ දී කෘෂිකර්මාන්තයට ලබාදෙන සහනාධාර, විවිධ පහසුකම්, ණය ආදිය ලබාදීමේ දී මෙමඟින් නිවැරදි තොරතුරු නිරීක්ෂණය කෙරේ.

• මෙමඟින් කෘෂිකර්මයේ තොරතුරු වෙනත් ආයතන වලට ලබාගැනීමට අවස්ථාව.

• ඉහත තොරතුරු සංඛ්‍යාත වගු හෝ ප්‍රස්ථාර මඟින් විශ්ලේෂණ කර මෙම තොරතුරු පද්ධතියට ඇතුලත් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + 6 =