රිෆ්කාන් බදියුදීන්ගේ නඩුවේ රස පරීක්ෂණ වාර්තාව ලැබුණු බව විවෘත අධිකරණයට දැනුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සොහොයුරු රිෆ්ඛාන් බද්යුදීන් යන අය ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු පිළිබඳ විමර්ශනවලට අදාළ රස පරීක්ෂණ වාර්තාව ලැබී තිබෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයට දැනුම් දෙයි.

ව්‍යාජ ඔප්පු සකස් කර තලෙයිමන්නාරම ප්‍රදේශයේ අක්කර 80 කට වැඩි ඉඩමක් විකිණීම සැකකරුවන්ට එරෙහි චෝදනාවයි.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය ඉකුත් නඩු දිනයේ පැවසුවද මෙතෙක් එවැනි පියවරක් ගෙන නැති බව අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා ප්‍රකාශ කර තිබුනි.

මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මැයි 06 වනදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 9 =