ජෝ බයිඩන් ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලේ දී ඊයේ (21) දිවුරුම් දුන්නේ ය.

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ජෝන් රොබට්ස් ඉදිරියේදී ඇමෙරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස 78 හැවිරිදි ජෝ බයිඩන් අද එලෙස දිවුරුම් දුන්නේ ය.

ඉන් ටික වේලාවකට පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝනියා සොටොමෙයර් ඉදිරියේ දිවුරුම් දුන්නා ය. කමලා හැරිස් 56 හැවිරිදි වියේ පසුවන අතර ඇය අමෙරිකා එක්සත් ජනපදයේ පළමු උප ජනාධිපතිවරිය යි.

ඇය අමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පත් පළමු කළු ජාතික කාන්තාව, පළමු දකුණු ආසියානු සම්භවයක් ඇති තැනැත්තිය, අමෙරිකානු අප්‍රිකානු සහ අමෙරිකානු ආසියානු සම්භවයක් ඇති තැනැත්තිය ද වන්නී ය.

ජනාධිපති ට්‍රම්ප් ගේ කලබලකාරී වසර හතරක ධුර කාලය අවසන් කරමින් ජෝ බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ යැයි ද අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේය.

ජෝ බයිඩන් සහ කමලා හැරිස් ඔවුන්ගේ ධුරවල දිවුරුම් දීම අමෙරිකානු ඉතිහාසයේ 59 වැනි දිවුරුම් දීමේ උත්සවය ද විය.
(ඒ.එෆ්.පී.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *